යුක්රේනයේ පඩි ගෙවන්න ලෝක බැංකුව දැක්වූ අනුග්‍රහය
යුක්රේන රජයට රාජ්‍ය අංශයේ වැටුප්, සුබසාධනය සහ විශ්‍රාම වැටුප් ගෙවීමට උපකාර කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 723ක (පවුම් මිලියන 552ක) හදිසි මූල්‍යධාරයක් අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ සඳහා එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ස්වීඩනය, ජපානය, ඩෙන්මාර්කය, ලැට්වියාව, ලිතුවේනියාව සහ අයිස්ලන්තය යන රටවල අරමුදල් ඇතුළත් කර ඇති බවයි ලෝක බැංකුව සඳහන් කරන්නේ.
ඉදිරි මාසවලදී යුක්රේනය සහ එහි අසල්වැසි රටවල් සඳහා තවත් ඩොලර් බිලියන 3 ක් (පවුම් බිලියන 2.3 ක්) මුදා හැරීමට කටයුතු කරන බවද ලෝක බැංකුව පවසනවා.