යුක්‍රේනය රුසියාව සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දැමීමට ලැහැස්තියි

යුක්‍රේනය රුසියාව සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දැමීමට ලැහැස්තියි

යුක්‍රේනය රුසියාව සමග  පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දැමීමට සලකා බලන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

යුක්‍රේනයේ ජනාධිපතිවරයා පවසන්නේ රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරීමට තම විදේශ අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් සලකා බලන බවයි.

එමෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් Volodymyr Zelensky ජනාධිපතිවරයා මොස්කව්ට එරෙහිව සම්බාධක පැනවීමට බලා නොසිටින ලෙස යුරෝපීය රටවල නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා

එමෙන්ම රුසියාව සමග   මහා පරිමාණ ගැටුමකට නොයා සිටීමට බලාපොරොත්තු වන අතර  එය සිදු වුවහොත් යුද නීතිය හඳුන්වා දීමට තමා සූදානම් බවත්  පවසනවා

රුසියාවේ සිට ජර්මනිය දක්වා වන Nord Stream 2 ගෑස් නල මාර්ගය වහා නතර කරන ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා මේ අතර ඉල්ලා තිබෙනවා

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම නළ මාර්ගයේ ඉදිකිරීම් අවසන් කළ නමුත් තවමත් එය ක්‍රියාත්මක නොවන බවයි පැවසෙන්නේ.

 

Share This