යුක්‍රේන ජනපති ඊශ්‍රායල අගමැතිගෙන් කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය

යුක්‍රේන ජනපති ඊශ්‍රායල අගමැතිගෙන් කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය

යුක්‍රේන ජනපතිගේ ඉල්ලීම් පරිදි යුක්‍රේනය සහ රුසියාව අතර පවතින අර්බුදය විසඳීම සඳහා මැදිහත් වීමට ඊශ්‍රායලය උත්සාහ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම උත්සාහ කිරීම්  අනාගතයේ ඉහළ මට්ටමේ සාම සාකච්ඡා සඳහා වැදගත් විය හැකි බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසා තිබෙනවා

මේ අතර ඊශ්‍රායලයේ අගමැති බෙනට් මහතා සාකච්ඡා පැවැත්වීමේ ක්‍රමයක් සොයා ගැනීමට උත්සාහ කරන බවද  යුක්‍රේන  ජනාධිපතිවරයා එරට ජනතාවට පවසා තිබෙන බවයි පැවසෙන්නේ

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසන්නේ ඊශ්‍රායල අගමැතිවරයාගේ උත්සාහයට අපි කෘතඥ වෙනවා, ඉක්මනින්ම අපි රුසියාව සමග ජෙරුසලමේදී සාකච්ඡා කිරීමට උත්සාහ කරමු යනුවෙන්

සාමය සොයා ගැනීමට මෙය සුදුසුම ස්ථානය බවද ඔහු සඳහන් කරනවා

එමෙන්ම යුක්‍රේනයට ආයුධ ලබා දෙන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින ජනාධිපති සෙලෙන්ස්කි රුසියාවට සම්බාධක පනවා නැතිවීම සම්බන්ධයෙන්ද විමසා සිටිනවා

 

Share This