යුක්‍රේන ජනපති පුටින් සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉල්ලයි

යුක්‍රේන ජනපති පුටින් සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉල්ලයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් සදහා අවස්ථාව ලබාදෙන ලෙස යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම අර්බුදය විසඳා ගත හැකි එකම සහ හොඳම ක්‍රමය සාකච්ඡාව බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ.

මේ අතර යුක්‍රේනයේ කියෙව් නගරය වෙත එල්ලවන දැඩි ප්‍රහාර හමුවේ යුක්‍රේනයට ලබාදෙන යුද ආධාර වැඩිකරන ද ලෙස බටහිර රටවලින් යුක්‍රේන ජනපතිවරයා ඉල්ලීමක් කරනවා.

පුටින්ගේ මෙම මිලිටරි ප්‍රහාරය සාර්ථක වුවහොත් රුසියාව, යුරෝපයේ සෙසු රටවලට ද යා හැකි බවට මාධ්‍යවේදීන් අමතමින් ජනපති සෙලෙන්ස්කි ඊයේ (03) අනතුරු ඇඟවීමක් ද සිදුකළා.

පුටින් පසුගිය සතියේ යුක්‍රේනයට එරෙහිව රුසියානු ආක්‍රමණය දියත් කළ අතර මෙම ගැටුම් හේතුවෙන් මිනිසුන් දහස් ගණනක් මිය ගොස් මිලියනයකට වඩා වැඩි පිරිසක් මේ වනවිටත් යුක්‍රේන අතහැර පලාගොස් තිබෙනවා.

Share This