යුක්‍රේන-රුසියා සාකච්ඡාවලදී කෑම බීම තහනම් !

යුක්‍රේන-රුසියා සාකච්ඡාවලදී කෑම බීම තහනම් !

අද(29) ඉස්තාන්බුල් හි සාකච්ඡා ආරම්භ වීමට පෙර, යුක්‍රේනයේ විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා රුසියානු සමූහාණ්ඩුව සමග  සාකච්ඡාවලට යන ඕනෑම කෙනෙකුට “කිසිම දෙයක් කන්න,බොන්න එපා, සහ ඕනෑම මතුපිටක් ස්පර්ශ කිරීමෙන් වළකින්න” යනුවෙන් උපදෙස් ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ මස මුලදී යුක්‍රේන-බෙලරුස් දේශසීමාවේ පැවති සාම සාකච්ඡාවලදී රුසියානු ප්‍රකෝටිපතියෙකු වන රෝමන් ඒබ්‍රමොවිච් සහ යුක්‍රේන සාකච්ඡාකරුවන්ට විෂ ශරීරගත වූ බවට සැක කෙරෙන සිද්ධියෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා

මෙම විෂ ශරීරගත වීම සම්බන්ධයෙන් යම් සැකයක් පවතින බව නම හෙළි නොකළ එක්සත් ජනපද නිලධාරියෙකු පවසන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.

Share This