
යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයින්ගේ ගැටලුවට මැදිවෙන්න තාරක රුසියාවට
රුසියාවේ යුද්ධයට සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් රුසියාවට යාමට නියමිත බව වාර්තා වනවා.
මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන අය ඇතුළත් බව සඳහන්.
මෙම කණ්ඩායම රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති මෙන්ම ආරක්‍ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිත අතර එම සාකච්ඡා ලබන 26, 27 දිනවල පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.