යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට සාධාරණය ඉටු කළා -ආරක්ෂක ලේකම්

යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට සාධාරණය ඉටු කළා -ආරක්ෂක ලේකම්

යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට දීමනා ලබාදීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ඔස්සේ ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසනවා.

ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් රට ස්ථාවරත්වයට පත් කිරීම සඳහා ගෙවී ගිය දෙවසර තුළ ආරක්ෂක අමාත්‍යාංශය පියවර රැසක් ගෙන ඇති බව ප්‍රකාශ කළ ආරක්ෂක ලේකම්වරයා ජනතාව වෙනුවෙන් යහපත්, සුරක්ෂිත පරිසරයක් සහතික කර ඇති බවයි සඳහන් කළේ.

‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය කැපී පෙනෙන ලෙස ඉහළ නංවමින් සිසුන් වැඩි පිරිසකට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සළසා දී ඇති අතර සිවිල් වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීමද මේ වන විට ආරම්භ කර ඇති බවයි ඔහු පැවසුවේ.

‘සැම සුරැකි සාමකාමී දේශයක්’ යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක වන ආරක්ෂක අමාත්‍යාංශය ගෙවී ගිය දෙවසර තුළ ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් රට ස්ථාවරත්වයට පත් කිරීම සඳහා පියවර රැසක් ගෙන ඇති බව සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා මිනිස් ජාවාරම, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට කටයුතු කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බවද එහිදී ප්‍රකාශ කළා.

Share This