යුද්ධය අවසන් කළ යුතු බවට ‘රුසියාවට අවබෝධ කර දෙන්න’ ඉන්දියාව අද මැදිහත් වෙයිද ?

යුද්ධය අවසන් කළ යුතු බවට ‘රුසියාවට අවබෝධ කර දෙන්න’ ඉන්දියාව අද මැදිහත් වෙයිද ?

ඉන්දියාවේ G20 සභාපතිත්වය යටතේ දෙවන ඉහළ මට්ටමේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා ලෝකයේ විශාලතම ආර්ථිකයන්හි විදේශ ඇමතිවරු දිල්ලි වෙත පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස් ජයශංකර් අද (02) ඇමරිකානු, චීන සහ රුසියානු සගයන් හමුවනු ඇති

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය සහ එහි අභිලාෂයන් සමග එක්වීමට උත්සාහ කරන බැවින් මෙම හමුව ඉන්දියාවට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැදගත් වනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

වෙනත් රටවලින් ලැබුණු පීඩනයට එරෙහි වී රුසියාව සෘජුව විවේචනය නොකිරීමේ උපාය මාර්ගය ඉන්දියාව විසින් දිගටම පවත්වාගෙන ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී පැවති ඡන්ද විමසීමේදී මෙන්ම යුක්‍රේනයේ යුද්ධය හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ යෝජනාවලට ඡන්දය දීමෙන් ඉන්දියාව වැළකී සිටියා

යුරෝපා සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නියෝජිත ජෝසෙප් බොරෙල් මෙම යුද්ධය හෙළා දැකිය යුතු බව පවසා තිබෙනවා

“මෙම යුද්ධය අවසන් කළ යුතු බව රුසියාවට අවබෝධ කර දීම සඳහා ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික හැකියාව භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

 

Share This