යුද්ධය අවසන් වන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බවට හමාස් සංවිධානයෙන් ප්‍රකාශයක්

යුද්ධය අවසන් වන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බවට හමාස් සංවිධානයෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලයේ ආක්‍රමණකාරීත්වය සම්පූර්ණයෙන් නැවැත්වීමට එකඟ වන තෙක් තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කර තිබෙනවා .

එමෙන්ම මේ මස මුලදී ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් මුදාගැනීමත් සමග සටන් විරාමයකින් පසුව ගාසා තීරයේ හමාස් සටන්කාමීන් 2,000කට වැඩි ප්‍රමාණයක් මරා දැමූ බව ඊශ්‍රායලය පවසනවා

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයෙන් පැහැරගත් පුද්ගලයන් 120ක් පමණ තවමත් ගාසා තීරයේ වහල්භාවයේ සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ

මේ අතරතුරදී යුද්ධය පිළිබඳ යෝජනාවක් සම්මත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උත්සාහයන් දිගටම පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා .

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් තවමත් බරපතළ කණස්සල්ලක් පවතින බව එක්සත් ජනපදය පවසා ඇති අතර ඡන්දය ප්‍රකාශ කිරීම අද (22) දිනය දක්වා කල් දමා ඇති බවද සඳහන් .

මෙම මාසයේ සතියක් පුරා පැවති සටන් විරාමය හේතුවෙන් ගාසා තීරයට ආධාර ගලා ඒම ද වැඩි කරනු ලැබුවා

කෙසේවෙතත් ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය දිගටම පැවතුනහොත් සාගතයේ අවදානමක් ඇති විය හැකි බවට එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබෙනවා .

පසුගිය බදාදා පැවති මූලික සාකච්ඡාවලට එකඟතාවක් නොතිබුණද, නව සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්වෙමින් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This