යුද්ධවලට පවා නීති ඇති බවට කැනේඩියානු අගමැතිගෙන් ප්‍රකාශයක්

යුද්ධවලට පවා නීති ඇති බවට කැනේඩියානු අගමැතිගෙන් ප්‍රකාශයක්

ගාසා තීරයට මානුෂීය කොරිඩෝවක් විවෘත කරන ලෙස කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඉල්ලා තිබෙනවා

මිලියන 2.3 ක ජනතාවක් වටලනු ලැබූ ප්‍රදේශයේ වඩාත් භයානක තත්ත්වයක් විසඳීම සඳහා හදිසි උපකාර අවශ්‍ය බවයි ඔහු පවසන්නේ

කැනඩාව ඊශ්‍රායලයට ආරක්ෂා වීමට ඇති අයිතියට සහාය දෙන නමුත් යුද්ධවලට පවා නීති ඇති බව ඔහු තවදුරටත් සඳහන් කරනවා

ත‍්‍රස්තවාදය සැමවිටම ආරක්ෂා කළ නොහැකි අතර හමාස් සංවිධානයේ ත‍්‍රස්ත ක්‍රියාද සාධාරණීකරණය කිරීමට කිසිවකට නොහැකියි . හමාස් සංවිධානය පලස්තීන ජනතාව හෝ ඔවුන්ගේ නීත්‍යානුකූල අභිලාෂයන් නියෝජනය නොකරයි,යනුවෙන්ද ඔහු එරට පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා .

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් කැනේඩියානුවන් පස් දෙනෙකු මිය ගිය අතර තිදෙනෙක් තවමත් අතුරුදන්ව සිටිනවා

Share This