යුද ආක්‍රමණයේ සංවත්සරය නිසා ‘යුක්‍රේනය’ පාසල් ගැන ගත් තීරණය

යුද ආක්‍රමණයේ සංවත්සරය නිසා ‘යුක්‍රේනය’ පාසල් ගැන ගත් තීරණය

යුද්ධය අවුලුවාලීම සම්බන්ධයෙන් පුටින් බටහිර රටවලට දොස් පවරා ඇති බවත් එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමක්ද අත්හිටුවනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

ඊට ප්‍රතිචාර වශයෙන්, වෝර්සෝ හිදී ජනතාව අමතමින් ජනාධිපති බයිඩන් පවසා තිබෙන්නේ “යුක්‍රේනය කිසි විටෙකත් රුසියාවට ජයග්‍රහණයක් ලබා නොදෙනු ඇති” බවයි.

මේ අතර යුද ආක්‍රමණයේ සංවත්සරයට සමගාමීව රුසියානු මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ අවදානම හේතුවෙන් යුක්‍රේනයේ පාසල්වලට අද(22) සිට සිකුරාදා(24) දක්වා දුරස්ථව පන්ති පැවැත්වීමට නියෝග කර ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.

Share This