යුද ගැටුම් මැද Kharkiv හි පළමු භූගත පාසැල ඉදිකිරීමට සූදානම්

යුද ගැටුම් මැද Kharkiv හි පළමු භූගත පාසැල ඉදිකිරීමට සූදානම්

යුක්‍රේනයේ පළමු භූගත පාසල ඊසානදිග Kharkiv නගරයේ ඉදිකරන බව එහි නගරාධිපති Ihor Terekhov පවසා තිබෙනවා

මෙවැනි භූගත පාසලක් මගින් දහස් ගණනකට මිසයිල තර්ජන වලදී පවා ඔවුන්ගේ පුද්ගල අධ්‍යාපනය ආරක්ෂිතව කරගෙන යාමට ඉඩ සලසන බවයි ඔහු සඳහන් කරන්නේ

2022 දී රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණය ආරම්භයේ සිට අධ්‍යාපනික පහසුකම් 360කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර 3,000 කට වඩා ප්‍රමාණයකට හානි වී ඇති බවයි.

දිගින් දිගටම එල්ලවන රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මෙන්ම ෂෙල් ප්‍රහාර මධ්‍යයේ, දැනට පුද්ගලිකව අධ්‍යාපනය ලබන්නේ යුක්‍රේනයේ පාසල් සිසුන්ගෙන් තුනෙන් එකක් පමණක් බවද එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් ආයතනය පවසනවා

එම සිසුන්ගෙන් බොහෝ දෙනෙකුට භූගත මෙට්‍රෝ ස්ටේෂන්වල සහ වෙනත් තාවකාලික නිවාසවල පැවැත්වෙන පන්තිවලට සහභාගී වීමට බල කෙරී ඇති බවද සඳහන් වනවා

කෙසේවෙතත් නගරාධිපතිවරයා භූගත පාසල විවෘත කරන්නේ කවදාද යන්න සහ සිසුන් කී දෙනෙකුට එහි ඉගෙනීමට හැකි වේද යන්න පිළිබඳව කිසිදු විස්තරයක් ලබා දී නැහැ.

Share This