යුද ගැටුම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ඒජන්සියේ කාර්ය මණ්ඩලයේ 64ක් මරුට

යුද ගැටුම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ඒජන්සියේ කාර්ය මණ්ඩලයේ 64ක් මරුට

ඊශ්‍රායල-හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තීරයේදී එහි කාර්ය මණ්ඩලයේ 64 දෙනෙකු මේ වන විට මරා දමා ඇති බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය  (UNRWA) පවසනවා

එක් පුද්ගලයෙකුගේ දරුවන් අට දෙනා සහ ඔහුගේ බිරිඳ ඇතුළුව පවුලේ සියලු දෙනා ඔහු නිවසේ සිටියදී ඊයේ ඝාතනය කර ඇති බවයි එහි ප්‍රකාශිකා ජුලියට් ටූමාසඳහන් කරන්නේ

ගාසා තීරය හරහා ඔවුන් කළමනාකරණය කරන නවාතැන් 450 ක් ජනාකීර්ණ වෙමින් පවතින බවත්, 670,000 ක ජනතාවක් එක්සත් ජාතීන්ගේ පහසුකම්වල රැඳී සිටින බවත් ඇය පවසනවා

මේ අතර ඔක්තෝබර් 7 වනදා සිට ඊශ්‍රායලයට ගාසා තීරයේ සිට රොකට් 7,000 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This