යුද බියෙන් තැති ගැන්වුණු කියෙව්හි දරුවන්ගේ අධ්‍යාපනය ගැන ගත් තීරණය

යුද බියෙන් තැති ගැන්වුණු කියෙව්හි දරුවන්ගේ අධ්‍යාපනය ගැන ගත් තීරණය

කියෙව්හි පාසල් මාර්ගගත ක්‍රමය ඔස්සේ නැවත විවෘත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එමෙන්ම යුද බියෙන් දරුවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් යුද්ධය අතරතුර රට හැර ගොස් ඇති බවද සඳහන්

මේ අතර රුසියාවට කියෙව් ප්‍රදේශයෙන් හමුදා ඉවත් කර ගැනීමට සිදු වී ඇති බව යුක්‍රේන හමුදා ප්‍රධාන කාර්යය මණ්ඩලය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රුසියානු හමුදාවේ බලඇණි උපායශීලී කණ්ඩායම් දෙකක් බෙලරුසියාවට ඉවත් කර ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

මීට අමතරව, රුසියාවේ සිට යුක්‍රේනයට ගමන් කරන භට කණ්ඩායම්වල අඩුවීමක් පවතින බවද සඳහන්.

එමෙන්ම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තිබෙන නගරයේ නගරාධිපතිවරයා පවසා තිබෙන්නේ රුසියානු හමුදා චර්නොබිල් අවටින් පිටත්ව ගොස් ඇති බවයි

 

Share This