යුද සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමට ජෝ බයිඩන් හෙට ඊශ්‍රායලයට

යුද සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමට ජෝ බයිඩන් හෙට ඊශ්‍රායලයට

හමාස් සටන්කාමීන්ට එරෙහි යුද සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හෙට (18) දිනයේ ඊශ්‍රායලයට පැමිණෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණීමෙන් පසු සාමාන්‍ය ජනතාවගේ ජීවිත හානි අවම වන ආකාරයෙන් සිය මෙහෙයුම් සිදු කරන්නේ කෙසේදැයි පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවයි එක්සත් ජනපදය පවසන්නේ .

මේ අතර හමාස් සංවිධානය පවසන්නේ තමන් ජෙරුසලමට සහ ටෙල් අවිව් වෙත රොකට් ප්‍රහාරයක් එල්ල කළ බවයි

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආධාර ප්‍රධානී Martin Griffiths පවසන්නේ හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් බිඳවැටෙමින් පවතින බවයි.

ඊජිප්තුවේ සිට ගාසා තීරයට පිවිසෙන රෆා දේශ සීමාව ගුවන් ප්‍රහාරයකට ලක්වී ඇති බවත් හානියේ තරම පැහැදිලි නැති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බව විශ්වාස කරන පුද්ගලයින් සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගොස් තිබෙනවා

පළමුවෙන් එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් මියගිය අය අතර අවම වශයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් හය දෙනෙකුවත් සිටින බවත් 10 දෙනෙකු අතුරුදන්ව සිටින බවත් එරට අගමැති රිෂි සුනක් පවසනවා

Share This