
යුද හමුදා බස් රථයේ ගැටුණු යතුරු පැදි අනතුරින් පොලිස් සැරයන්වරයකුට දිවි අහිමි වේ
වැල්ලවාය – තණමල්විල මාර්ගයේ ආඳාවෙල යාය ප්‍රදේශයේ දී තණමල්විල සිට වැල්ලවාය දෙසට ගමන් කළ යුද හමුදාවට අයත් බස් රථයක ප්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පුදගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පවසන්නේ බරපතල තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බවයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 36 ක් වන වැල්ලවාය රජමාවතේ පදිංචි පොලිස් සැරයන්වරයෙක්.
