යුද හමුදා සේවයෙන් නීත්‍යානුකුලව ඉවත්ව ගිය 10,000ක් පොලිස් සේවයට

යුද හමුදා සේවයෙන් නීත්‍යානුකුලව ඉවත්ව ගිය 10,000ක් පොලිස් සේවයට

යුද හමුදා සේවයේ රාජකාරී කිරීමෙන් පසු නීත්‍යානුකුලව ඉවත්ව ගිය 10,000ක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 45ට අඩු පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමටයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබෙන්නේ.

ඔවුන් යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු පිරිස විය යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරනවා.

තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීම වැඩසටහනට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඊට් අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි.

එම පිරිස වසර 05ක කාලයක් සඳහා බඳවා ගැනීමටත් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩි දුරටත් පැවසුවා.

Share This