යුධ ශක්තිය වැඩි කරගන්න සැරසෙන ඕස්ට්‍රේලියාව

යුධ ශක්තිය වැඩි කරගන්න සැරසෙන ඕස්ට්‍රේලියාව

චීනයේ ගොඩනැගෙන යුධ ශක්තිය කලාපීය ආරක්ෂාවට අභියෝගයක් එල්ල කර ඇති බැවින් සිය ආරක්ෂක ක්ෂේත්‍රය සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දිගු දුර මිසයිල මිලදී ගැනීමට සහ සිය යුධෝපකරණ සකස් කිරීමට වැඩි මුදලක් වෙන් කිරීමට පියවර ගෙන ඇති බව එරට ප්‍රධාන ආරක්ෂක සමාලෝචන වාර්තාවකින් අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වර්තමානයේ පවතින “මිසයිල යුගයේ” දී භූගෝලීය වශයෙන් හුදකලා වී රටෙහි ආරක්ෂාව ගොඩනැඟිය නොහැකි බවට අදාළ ආරක්ෂක සමාලෝචන වාර්තාවෙන් අනතුරු අඟවා ඇති බව සඳහන්.

ආරක්ෂාව වෙනුවෙන් රජය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 19 ක් වැය කරනු ඇති අතර පිටු 110 කින් යුත් එම වාර්තාව මගින් සඳහන් කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඕස්ට්‍රේලියානු ආරක්ෂක ක්ෂේත්‍රයේ සිදු වූ විශාලතම ප්‍රතිසංස්කරණය මෙය වන බවයි.

Share This