යුපුන්ගෙන් තවත් සුපිරි ජයක්

යුපුන්ගෙන් තවත් සුපිරි ජයක්

ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.16කින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් වුණා.

යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසයි යුපුන් එම කාලය වාර්තා කළේ.

Share This