යුරෝපයේ පළමුවරට ඡන්ද අයිතිය හිමිවන තරුණ තරුණියන් ගණන ඉහළට

යුරෝපයේ පළමුවරට ඡන්ද අයිතිය හිමිවන තරුණ තරුණියන් ගණන ඉහළට

2024 වසරේදී නව යුරෝපීය පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීම සඳහා රටවල් 27ක් දින හතරක් පුරා ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන්ට ප්‍රථම වරට ඡන්දය අයිතිය හිමිවනවා.

සමහර රටවල, ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස අවුරුදු 16 දක්වා අඩු කර ඇති නිසා බෙල්ජියම, ජර්මනිය, ඔස්ට්‍රියාව, ග්‍රීසිය සහ මෝල්ටාවේ බාලවයස්කරුවන්ට මෙම මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බෙල්ජියමේ 17 හැවිරිදි ශිෂ්‍යාවක් වන Mare Verlinde පවසන්නේ “ඡන්ද අයිතිය හිමිවීම විශාල අවස්ථාවක් බවයි”

2019 යුරෝපීය මැතිවරණයේදීත්, තරුණයින් විශාල ප්‍රමාණයකට ඡන්ද අයිතිය හිමිවුණා.

ඔවුන්ගේ ඡන්ද ප්‍රබල ලෙස දේශගුණික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි හරිත පක්ෂ වෙත ලැබුණු අතර එකල එය හැඳින්වූයේ හරිත රැල්ලක් ලෙසයි.

නමුත් අවුරුදු පහක් කියන්නේ දේශපාලනයේ දීර්ඝ කාලයක්.

ඡන්ද විමසීම් නිවැරදි නම්, පෙර නොවූ විරූ තරුණ ඡන්දදායකයින් සංඛ්‍යාවක් දක්ෂිණාංශයේ සහ අන්ත දක්ෂිනාංශයේ පක්ෂ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සලකා බලනවා.

තරුණයින්ගේ ඡන්ද ලැබෙන ඒවායින් බොහොමයක් පුළුල් ලෙස යුරෝසෙප්ටික් (Eurosceptic) ලෙස හඳුන්වනවා.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Eurosceptic ලෙස හඳුන්වන්නේ යුරෝපීය සංගමය සහ යුරෝපීය ඒකාබද්ධතාවය පිළිබඳ කතිකාවට ගොඩනැගී ඇති දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයින් කණ්ඩායමක්.

ඒ අනුව මෙවර යුරෝපා මැතිවරණයේදී තරුණ තරුණයින්ගේ ඡන්ද අයිතිය හිමිවීම ඉහළ යාමත් සමග මෙවර මැතිවරණ දිශානතිය වෙනස් වීමේ ලකුණු දැන්ම පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This