යුරෝපයේ පැරණිතම සෙරෙප්පු ස්පාඤ්ඤයේ ගුහාවකින් හමුවෙයි

යුරෝපයේ පැරණිතම සෙරෙප්පු ස්පාඤ්ඤයේ ගුහාවකින් හමුවෙයි

යුරෝපයේ පැරණිතම සෙරෙප්පු ලෙසට වසර 6000ක් පමණ පැරණි යැයි සැලකෙන තණකොළවලින් වියන ලද සෙරෙප්පු දෙකක් හඳුනාගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසනවා

ඒවා 19 වැනි සියවසේ පතල් කම්කරුවන් විසින් භාවිතා කරන ලද ඒවා බවටයි විශ්වාස කෙරෙන්නේ

ස්පාඤ්ඤයේ ගුහාවක තිබී සොයා ගන්නා ලද පුරාණ වස්තු තොගයක් අතරින් මේවා සොයාගත් බවයි පැවසෙන්නේ

ඒවා හොඳින් සංරක්ෂණය වී ඇති බවද සඳහන්

ගුහාවෙන් සොයාගත් අනෙක් වස්තූන් 76 ක එකතුව කලින් සිතුවාට වඩා වසර 2,000 ක් පමණ පැරණි බව නව අධ්‍යනයකින්ද හෙළිව තිබෙනවා

ඒ අතර ඇති සමහර වස්තූන් වසර 9,000ක් පමණ පැරණි බවද සඳහන් වනවා

විශ්ලේෂණයට ලක් කරන ලද සෙරෙප්පු වල ව්‍යුහය තුළ විවිධ තණකොළ වර්ග භාවිතා කර ඇති බව පර්යේෂකයන් පැවසූ නමුත් සම් සහ දෙහි වැනි වෙනත් ද්‍රව්‍ය ද ඇතුළත් බවද විදෙස් මාධ්‍ය පවසනවා .

වසර 6,000ක් පැරණි සෙරෙප්පු සොයා ගත් ගුහාව වූයේ නිරිතදිග ස්පාඤ්ඤයේ Andalusia හි Cueva de los Murciélagos නොහොත් වවුලන් ගුහාවයි.

මෙම අධ්‍යයනයේ පර්යේෂකයන්ට අනුව, මෙම ගුහාවට ප්‍රථම වරට ප්‍රවේශ වී ඇත්තේ 1831 දී ඉඩම් හිමියෙකු විසින් පොහොර සෑදීම සඳහා භාවිතා කරන කොලරොඩු එකතු කරමිනුයි .

 

Share This