
යුරෝපා සංගමයේ නියෝජිතයින් ලබන සතියේ දිවයිනට
යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඒ අද (15) පැවති පාර්ලිමේන්තු සභා වාරය අමතමින්.
ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට එසේ යුරෝපා සංගමයේ නියෝජිතයින් මෙරටට පැමිණෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
තවද සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මනින් විවෘත කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුර අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.