
යුරෝපා සංගමය සහ ට්‍රම්ප් අතර එකඟතාවයක්
යුරෝපා සංගමය සමඟ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන අවසාන දිනය ජූලි 9 දක්වා දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟතාවය පළ කර තිබෙනවා.
යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් සහ ට්‍රම්ප් අතර පැවති දුරකථන සංවාදයකදී එම එකඟතාවයට එළැඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය මාසයේ ට්‍රම්ප් බොහෝ යුරෝපා සංගම් භාණ්ඩ සඳහා 20% ක තීරුබදු ප්‍රකාශයට පත් කළ නමුත් පසුව සාකච්ඡා සඳහා කාලය ලබාදීම වෙනුවෙන් ජූලි 8 වන දින දක්වා එය 10% දක්වා අඩකින් අඩු කිරීමට පියවර ගත්තා.
යුරෝපා සංගමය ඩොලර් බිලියන 600 කට වඩා (යුරෝ බිලියන 528; පවුම් බිලියන 443) භාණ්ඩ පසුගිය වසරේ අමෙරිකාවට අපනයනය කළ අතර ඩොලර් බිලියන 370 ක් වටිනා භාණ්ඩ එරටින් ආනයනය කරනු ලැබුවා.