යුරෝපා සංගම් නායකයින් යුක්‍රේනයට සහය දැක්වූවත් හංගේරියාවේ විරුද්ධ වීම් කෙසේ බලපායිද ?

යුරෝපා සංගම් නායකයින් යුක්‍රේනයට සහය දැක්වූවත් හංගේරියාවේ විරුද්ධ වීම් කෙසේ බලපායිද ?

අද (14) පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් නායකයින්ගේ සමුළුවකින් යුක්‍රේනයට යමක් ලබා ගැනීමට යන්නේ නම්, එයට හංගේරියාවේ අගමැති වික්ටර් ඕර්බන්ගේ පිටුබලය අවශ්‍ය වනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

හංගේරියාවේ අගමැතිවරයා කියෙව් යුරෝපා සංගමයට බැඳීමට දරන උත්සාහයට සහ ආධාර සඳහා කරන ආයාචනාවලට දැඩි ලෙස විරුද්ධ වී ඇති බව මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

යුද්ධය, දූෂණය, විශාල කෘෂිකාර්මික අංශයක් සහ එහි හංගේරියානු සුළුතරයට අයහපත් ලෙස සැලකීම කියෙව්ට ඕනෑම වේලාවක යුරෝපා සංගමයට බැඳීමට නුසුදුසු බවයි ඔහු සඳහන් කළේ

හංගේරියානු විරෝධතා යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyට නරක සතියක් වනු ඇති බව ඔහුගේ වොෂින්ටන් සංචාරය පිළිබඳව පෙන්වා දෙමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අනෙකුත් බොහෝ EU නායකයන් Kyiv පිටුපස ස්ථිරව සිටින බවද සඳහන් .

යුක්‍රේනයට හමුදා ආධාර දීම නවතා දැමූ ස්ලෝවැකියාවේ රොබට් ෆිකෝ පවා පවසන්නේ කියෙව් යුරෝපා සංගමයට එක්වීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට සහාය දෙන බවයි.

Share This