යුරෝපීය රටවල්වලින් යුක්‍රේනයට තවත් අවි ආධාර ලබා දීමේ පොරොන්දුවක්

යුරෝපීය රටවල්වලින් යුක්‍රේනයට තවත් අවි ආධාර ලබා දීමේ පොරොන්දුවක්

යුක්‍රේනයට තවදුරටත් ආයුධ යැවීමට ජනාධිපති Volodymyr Zelensky කළ ඉල්ලීමට තවත් රටවල් ප්‍රතිචාර දක්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සන්නද්ධ වාහන සහ ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළුව ඩොලර් බිලියන 2.5ක් වටිනා ආයුධ තොගයක් එවන බව එක්සත් ජනපදය පවසා තිබෙනවා.

තවත් යුරෝපීය රටවල් කිහිපයක් ඔවුන්ගේම නව අවි ආධාර ලබා දීමට පොරොන්දු වී ඇති අතර එක්සත් රාජධානිය විසින් Kyiv වෙත පොරොන්දු වූ පරිදී මිසයිල රැසක් ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඊයේ(19) පැවති රැස්වීමකදී ජාතීන් 11ක නියෝජිතයන් එස්තෝනියාවේ හමුදා කඳවුරකට රැස්වී යුක්‍රේනයට තම භූමි ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීමට සහ තවදුරටත් රුසියානු දියුණුව වැලැක්වීමට උපකාර කිරීම සඳහා සාකච්ඡා කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් රාජධානිය, පෝලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ඩෙන්මාර්කය, චෙක් ජනරජය, එස්තෝනියාව, නෙදර්ලන්තය සහ ස්ලෝවැකියාව වැනි රටවල් නවයක් වැඩි සහයෝගයක් ලබා දීමට පොරොන්දු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This