යේමන මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරක 13ක් මියයයි – තවත් පිරිසක් අතුරුදන්

යේමන මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරක 13ක් මියයයි – තවත් පිරිසක් අතුරුදන්

යේමන මුහුදු ප්‍රදේශයේ දී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් තවත් 14 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ 27 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 25 දෙනෙකු ඉතියෝපියානු ජාතිකයින් වන බව සඳහන්.

යාත්‍රාව අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This