යෝජිත සංශෝධිත විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට පෙත්සමක්
පෙත්මස මේ තීන්දුව කථානායකවරයාට

යෝජිත සංශෝධිත විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජිත සංශෝධිත විදුලිබල පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් පාර්ශ්ව කිහිපයක් අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළා.

එම පෙත්මස විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ එහි තීන්දුව කථානායකවරයාට ලබාදෙන බවයි.

මේ අතර, අද සිට ක්‍රියාත්මක නව විදුලිය බිල සංශෝධනය මහජන උපයෝගීතා කොමිසම විසින් නීතියට පටහැනිව සිදුකර ඇති බවට පාර්ශ්ව කිහිපයක් චෝදනා කරන අතර ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

Share This