යෝෂිතට හා ඩේසි ආච්චිට නීතිපතිගෙන් අධිචෝදනා

යෝෂිතට හා ඩේසි ආච්චිට නීතිපතිගෙන් අධිචෝදනා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (14) අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා තිබෙනවා.

රුපියල් ලක්‍ෂ 500කට අධික මුදලක් යොදවා රත්මලාන, සිරිමල් උයන ප්‍රදේශයේ හා දෙහිවල ප්‍රදේශයේ ඉඩම් ඇතුළු දේපල මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරැදි සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගෙනු කර ඇති බව සඳහන්.

සිරිමල් උයන ප්‍රදේශයේ පිහිටි පර්චස් 34.5 ඉඩමක් රුපියල් ලක්ෂ 360කට අධික මුදලක් යොදවා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජනවාරි 25 වැනිදා සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැණුනා.

එදින පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ ඒ මහතා ජනවාරි 27 වැනිදා දකවා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පසුව ජනවාරි 27 වැනිදා යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කටයුතු කළා.

Share This