යෝෂිත රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

යෝෂිත රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

බෙලිඅත්ත ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතා අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ මේ වන විට අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

Share This