
රක්ෂිතයක් ගිනි ගනී,අක්කර පනහකට වඩා විනාශයි
කොස්ලන්ද පූනාගල රක්ෂිතයේ ඊයේ (27) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් අක්කර පනහකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ප්රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ඊයේ රාත්රි කාලය පුරාවටම ගින්න ශීඝ්රයෙන් පැතිර ගොස් තිබෙනවා.
අතිශය සංවේදී පරිසර පද්ධතියක් සහිත මෙම පරිසර පද්ධතිය මෙලෙස ගිනිගැනීම නිසා විශාල විනාශයක් රක්ෂිතයට සිදු වී ඇති බව සදහන්.
පූනාගල කදු පංතියේ කොස්ලන්ද සහ වැල්ලවාය දෙසට ඇති බෑවුම් කොටස තුල මෙම ගින්න පැතිර යන අතර අද (28) උදෑසන වන විටත් තැනින් තැන ගිනිගැනීීීම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.