
රක්ෂිතයක් වැනසූ වැල්ලවාය ප්‍රාදේශීය සභාපතිගේ සහෝදරයින් නිලධාරීන්ට පාට් දමයි (VIDEO)
වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයේ ගේ සහෝදරයින් දෙදෙනකු බලහරුව දෙබර ආර ප්‍රදේශයේ රක්ෂිතයක් එළිපෙහෙළි කර අනීතිකව ඉදිකළ අමුණක් ඉවත් කිරීමට ගිය වන සංරක්ෂණ නිලධාරීන් සහ පොලිස් විශේෂ කර්ය බලකායේ නිලධාරීන් පිරිසක් අතර උණුසුම් තත්වයක් ඇති වුණා.
ඊට හේතුවී ඇත්තේ සිය සභාපති සහෝදරයා ගේ බලය අදාල නිලධාරීට පෙන්වීමට මෙම පුද්ගලයින් දෙදෙනා කටයුතු කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමත් සමගයි.
අප වාර්තාකරු පවසන්නේ ඔවුන් වසර සිය ගණනක පැරණ්ස් ගස් ඔවුන් කපා දමා ගිනි තබා වනාන්තරය එළි පෙහෙළිකර ඇති බවයි.
බලහරුව ප්‍රදේශයේ වගා ඉඩම් රැසකට ජලය ගෙන යන ඇල මාර්ගයක් හරස් කර මෙම පුද්ගලයින් අමුණක් ඉදිකර ඇත්තේ මීට අමතරවයි.
වන සංරක්ෂණ නිලධාරීන් සහ පොලිස් විශේෂ කර්ය බලකාය ඊයේ (31) මෙම ස්ථානයට ගොස් අදාල අමුණ ඉවත් කිරීමට කටයුතු කිරීමේ දී අදාල ප්‍රාදේශීය සභාපතිවරයාගේ සහෝදරයින් ඊට බධා කළා.



