රක්ෂිතවලින් ගම් වදින වන අලි වී කෑමට අත්තනකඩවලත් ගෙයක් කඩලා

රක්ෂිතවලින් ගම් වදින වන අලි වී කෑමට අත්තනකඩවලත් ගෙයක් කඩලා

වස්ගමුවේ රක්ෂිතය සහ ඹුලුකැලෑ රක්ෂිතයේ සිටින වන අලින් මේ දිනවල ගම් වැදී නිවාස කඩා වී කෑමට හුරුවී සිටිනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්තනකඩවල, මඩුදමන ප්‍රදේශයේ නිවසකට අද (28) අලුයම් කාලයේ පැමිණි වන අලියෙකු එම නිවසේ තිබූ ගබඩාවක් කඩා වී ආහාරයට ගෙන තිබෙනවා.

ගම්මාන වලට පැමිණ වන අලින් නිවෙස් වලට පහරදී වී ආහාරයට ගැනීම දැන් සුලභව දැකිය හැකි කරුණක්.

මේ සම්බන්ධව මෙතෙක් බලධාරීන් ගෙන් ද නිසි ක්‍රියාමාර්ගයක් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ.

මේ දින කිහිපය ඇතුළත නිවාස හතළිහකට ආසන්න ප්‍රමාණයක් වන අලි කඩා දමා ඇතයි ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ වන අලි ගැටලුවට ඉතා ඉක්මනින් විසඳුමක් ලබා දෙන ලෙසයි.

Share This