
රක්ෂිත බන්ධනාගාරයෙන් හිටපු අමාත්‍ය රාජිත අල්ලස් කොමිසම හමුවට
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත් සේනාරත්න අද(03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත රැගෙනවිත් තිබෙනවා.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාකාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියම කළා.
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සැකකාර රාජිත සේනාරත්න මහතා අද (03) පෙරවරු 9.00ට අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා එහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා.
කොළඹ මහාධිකරණයේ නියෝග මත රිමාන්ඞ් භාරයට ගන්නා ලද සැකකාර රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම නඩුකරය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළා.
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර ඒවා පිරිසිදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් කොරියානු “සී වූ” සමාගම වෙත පැවරීමට මෙම සැකකරු කටයුතු කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් කර තිබු බවත් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
පොදු මූල්‍ය රෙගුලාසිවලට අනුව මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවකින් අනුමැතියක් ලබාගෙන එය යම් සමාගමකට පවරනවාද? නැද්ද? යන්න තීන්දු කරනු ලබන්නේ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් බව පෙන්වා දුන් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය එහෙත් මෙම සැකකරු විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නීත්‍යානුකූල අනුමැතියික් ලබා ගැනීමකින් තොරව “Approved” යනුවෙන් සඳහන් කරමින් අනුමැතිය ලබාදී ඇති බවත් සඳහන් කළා.