රජයේ ප්‍රධාන දේශපාලනඥයකුගේ වැටුපට විද්ද පුවතක් “පත්තරෙන්” හෙළිවේ

රජයේ ප්‍රධාන දේශපාලනඥයකුගේ වැටුපට විද්ද පුවතක් “පත්තරෙන්” හෙළිවේ

රජයේ ප්‍රබලතම දේශපාලනඥයකුගේ මාසික වැටුප ලෙස බැංකු ගිණුමක තැන්පත් කර තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචනික ලෙස ලබාගත් බව කියන එම දේශපාලනඥයාගේ පෞද්ගලික සහයකයා ලෙස කටයුතු කළ ලේකම්වරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

සැකකාර ලේකම්වරයා වසර හයකට ආසන්න කාලයක් තිස්සේ මෙම ප්‍රභූ දේශපාලනඥයාගේ විශ්වාසවන්තම පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු  කර තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම දේශපාලනඥයා මේ රටේ ඓතිහාසික දේශපාලන පෙරළියකට පසුගිය  කාලයේ  මුලපුරමින්  නව  දේශපාලන  බලවේගයක්  ගොඩනඟමින්  රජයක්  බිහිකිරීම  දක්වා  සුවිසල්  මෙහෙවරක්  ඉටුකළ නායකයෙක් බව සඳහන්

එමෙන්ම මෙම  නායකයා  විපක්ෂයේ  සිටියදී  පෙරළියක  ඇරඹුමට  කැපවෙද්දී මෙම සහායකයා ඔහුගේ කාර්යමණ්ඩලයට එක්වී තිබෙනවා

කලක්  පාර්ලිමේන්තුවේ  අමාත්‍ය  ධූර  කීපයක්  මෙන්ම  කථානායකවරයකු ලෙසද කටයුතු කළ දැනට ජීවතුන් අතර නැති ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකු වන මෙම සැකකාර පෞද්ගලික සහායකයා  කලක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පදවියක් ද දරා තිබෙනවා.

වසර හයකට ආසන්න කාලයක් තිස්සේ මෙම සැකකාර පෞද්ගලික  සහායකයා  ප්‍රභූ  දේශපාලනඥයාට  අයත්  බැංකු  ගිණුමේ  තිබූ  මාසික  වැටුප්  මුදල්  වරින්වර  වංචනික  ලෙස  ලබාගෙන ඇති බව විමර්ශන වලින් හෙළි වී ඇති අතර මෙම බැංකු ගිණුම සම්බන්ධයෙන් මතු වූ සැකය මත ඒ පිළිබඳව  සොයාබැලීමේදී  වසර  හයකට  ආසන්න  කාලයක්  තිස්සේ එහි මුදල් අතුරුදන් වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම වංචාව  හෙළිවීමෙන්  පසු  අදාළ  පෞද්ගලික  සහකාරවරයා  ඔහු දැරූ තනතුරුවලින් ඉවත් කර ඇති අතර ඔහුට එරෙහිව මේ වනවිට ඉහළ පෙළේ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සඳහන්

 

Share This