රජයේ වෛද්‍ය නිලධාරීන් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරභයි

රජයේ වෛද්‍ය නිලධාරීන් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරභයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති 2026 අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අනුව රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

එමෙන්ම රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම මෙන්ම දෛනික සායන හැර අතිරේඛ කිසිදු සායනයකට එක්නොවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

Share This