රජරට රැජින් දුම්රිය එන්ජිමේ ගින්නක්

රජරට රැජින් දුම්රිය එන්ජිමේ ගින්නක්

රජරට රැජින දුම්රිය අනුරාධපුර නවනගරයට ආසන්නව දහයියාගම ආසන්නයේ දී එන්ජිමේ ගිනින්නක් හටගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දුම්රිය අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ බව වාර්තා වුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බවයි.

අනතුරව දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එම දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

මෙම ගින්න හටගෙන තිබුණේ අද උදෑසන 5ට අනුරාධපුරයෙන් පිටත් වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේයි.

මේ හේතුවෙන් එම දුම්රිය පැය 2කට අධික කාලයක් ප්‍රමාද වූ අතර පෙරවරු 7.30 පමණ යළි බෙලිඅත්ත බලා ධාවන වීමට ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

Share This