
“රජ ලුණු” සන්නාමය අද සිට ජනතා අයිතියට
නවීන උපකරණ සහ පහසුකම්වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව අද (29) ජනතා අයිතියට පත්කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
ඉදිරියේදී රජයේ සන්නාමයක් යටතේ මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.
ඒ අනුව අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව මඟින් ඉතා සහනදායී මිලට “රජ ලුණු” සන්නාමය යටතේ මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.