
රටම එකට ජාතික වැඩසටහන ඔක්. 30 ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ පුළුල් මහජන සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගත් මුලපිරීමක් වන “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරි පත් ලර තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.
ඒ අනුව, එකී ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
එම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් හරහා සමාජය මෙම උවදුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කෙරෙනවා.
“රටම එකට ජාතික මෙහෙයුම සමාරම්භය” ඔක්තෝබර් 30 වැනිදා පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතයි.
