රටවල් කිහිපයකටම දැනුණු භූමිකම්පාවක් -මියගිය අය අතර කුඩා දරුවෙකුත්

රටවල් කිහිපයකටම දැනුණු භූමිකම්පාවක් -මියගිය අය අතර කුඩා දරුවෙකුත්

පාකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිච්ටර් මාපකයේ 6.5 ක් ලෙස සටහන් වූ ප්‍රබල භූමිකම්පාවෙන් ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති අතර මිනිසුන් බියට පත්වී වීදිවලට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මෙම භූමිකම්පාව ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග පාකිස්ථාන දේශසීමා ආසන්නයේ සිදුව ඇති අතර කම්පනය ඉන්දියාව දක්වාම දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .

තහවුරු කරන ලද මරණවලින් නවයක් වාර්තා වී ඇත්තේ පාකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයෙන් බවයි පැවසෙන්නේ

ඇෆ්ගනිස්ථානයේදී තවත් තිදෙනෙකු මිය ගිය බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙන්නේ .

පාකිස්ථාන දේශසීමාව ආසන්නයේ ලග්මන් පළාතේ මියගිය අය අතර කුඩා දරුවෙකු ද සිටින බව AFP පුවත් සේවය වාර්තා කරනවා .

විපතට පත් ප්‍රදේශවල දුරස්ථභාවය සහ රළු භූමි ප්‍රදේශය සහනකරුවන්ට එම ප්‍රදේශවලට ළගා විමට දුෂ්කරතා ඇතිව ඇති බැවින් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා

දුරකථන මාර්ගවලට බලපෑම් එල්ල වී ඇති අතර පාකිස්ථානයේ දරුණුතම බලපෑමට ලක්වූ Swat ප්‍රදේශයේ අධිවේගී මාර්ගය නායයෑම් නිසා අවහිර වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ජනතාවට උපකාර කිරීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස පාකිස්ථාන අගමැතිවරයා ආපදා ආයතනවලින් ඉල්ලා තිබෙනවා

ඉන්දියාව, Uzbekistan, Tajikistan, Kazakhstan, Kyrgyzstan, ඇෆ්ගනිස්ථානය සහ Turkmenistan පුරා පැතිරී ඇති කිලෝමීටර් 1,000 ක ප්‍රදේශයකට මෙම කම්පනය දැනී ඇති බව යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කරනවා

Share This