රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

දකුණු පැසිෆික් සාගරයේ රිච්ටර් මාපක 7.8 ක භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) කාර්යාංශය සඳහන් කරනවා

ඒ අනුව Vanuatu, Fiji, Kiribati සහ නවසීලන්තය සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එක්සත් ජනපදයේ ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ Vanuatu, Fiji සහ නිව් කැලිඩෝනියාවට කිලෝමීටර් 1,000 (සැතපුම් 621) ක් ඇතුළත පිහිටි වෙරළ තීරයන් සඳහාද සුනාමි අනතුරු ඇඟවීම් අදාළ බවයි.

භූමිකම්පාව නවසීලන්තයට සුනාමි අවදානමක් ඇති කරයිද යන්න තවමත් පරීක්ෂා කරමින් සිටින බවයි නවසීලන්තයේ ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ

Share This