රටෙහි යුද ශක්තිය පෙන්නුම් කරන දකුණු කොරියාවේ හමුදා පෙළපාලි (PHOTOS)

රටෙහි යුද ශක්තිය පෙන්නුම් කරන දකුණු කොරියාවේ හමුදා පෙළපාලි (PHOTOS)

තම රටෙහි යුද ශක්තිය පෙන්නුම් කරන යුද ටැංකි, සන්නද්ධ වාහන සහ උසස් තත්ත්වයේ මිසයිල ඇතුළත් හමුදා පෙළපාලි දකුණු කොරියාවේ සෝල් නගරයේදී පවත්වා තිබෙනවා.

දකුණු කොරියාව මෙම යුද පෙළපාලි ප්‍රථම වරට 2013 දී ආරම්භ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ උතුරු කොරියාව සමග සබඳතා නරක අතට හැරීම මධ්‍යයේයි මෙම පෙළපාලිය දකුණු කොරියාව පවත්වා තිබෙන්නේ.

එක්සත් ජනපදයේ සොල්දාදුවන් සිය ගණනක් ඇතුළුව 4,000 ක පමණ භට පිරිසක්, මධ්‍යම සෝල්හි වීදි හරහා කිලෝමීටර් 2 ක් පමණ දුරට පෙළපාලි ගොස් තිබෙනවා.

ඔවුන් සමග හමුදා තූර්ය වාදක කණ්ඩායම් සහ ඩ්‍රෝන යානා මෙන්ම කෲස් මිසයිල ඇතුළු අවි ආයුධ වර්ග 170ක් ද රැගෙන ගොස් තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මුලින් සැලසුම් කළ ප්‍රමාණයට වඩා අඩු භට පිරිසක් සහ උපකරණ කොටස් සම්බන්ධ කිරීමට සිදුවූ බවයි දකුණු කොරියානු නිලධාරීන් පවසා ඇත්තේ.

එමෙන්ම අමෙරිකාවේ නිෂ්පාදිත F-35 ස්ටෙල්ත් ප්‍රහාරක යානා ඇතුළු දකුණු කොරියානු හමුදා ගුවන් යානාවල පියාසැරි සංදර්ශනයක් ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

 

Share This