
රටේ අනාගත සංවර්ධන මාවතට ඓතිහාසික උරුමය යොදාගන්නා හැටි ජනපති පැහැදිළි කරයි (VIDEO)
ඓතිහාසික උරුමයක්, ඉපැරණි සංස්කෘතියක් අතහැර රටේ අනාගත සංවර්ධන මාවත තෝරාගත නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මංගල්‍ය සාර්ථකව පවත්වා අවසන් කරන බවට වූ සංදේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා වෙත පිළිගැන් වීමේ අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා ඒ බව අවධාරණය කළා.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන් හි වාර්ශික ඇසළ මහා පෙරහර මංගල්‍ය පෞරාණික චාරිත්‍ර වලට ගරු කරමින් විචිත්‍රවත් ලෙස පත්වා අවසන් කළ බවට වූ සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ පස්වරුවේ භාර දෙනු ලැබුවා.
ඒ මහනුවර ජනාධිපති මන්දිර පරිශ්‍රයේදියි.
එම අවස්ථාවේදී චිරාගත සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේ වරුන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර පෙරහරට සහභාගි වූ කලා ශිල්පීන් වෙත තිළිණ සහ සම්මාන ප්‍රදානයටද ජනාධිපතිවරයා එක් වුණා.
මේ අතර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් කෙටි පිළිසඳරකද නිරත වුණා.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේගේද සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විමටයි කටයුතු කළේ.