රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල ජනාධිපතිවරයා විසින් සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙනවා -ඇමති අනුප පස්කුවෙල්-

රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල ජනාධිපතිවරයා විසින් සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙනවා -ඇමති අනුප පස්කුවෙල්-

රට වෙනස් කළ හැක්කේ ප්‍රතිපත්ති මත මිස පුද්ගලයින් හෝ පක්ෂ මත නොවන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවෙල් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙන බවයි.

එමෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ ගැටළු විසඳීම සඳහා 50%ක සහනාධාරයක් ලබාදීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවෙල් මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

Share This