රට තුළ පරිවර්තනීය වෙනසක් කිරීමේ වගකීම රාජ්‍ය නිලධාරීන් ගේත් වගකීමක් – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රට තුළ පරිවර්තනීය වෙනසක් කිරීමේ වගකීම රාජ්‍ය නිලධාරීන් ගේත් වගකීමක් – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රට තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේ වගකීම දේශපාලන නායකයන්ට පමණක් නොව රාජ්‍ය සේවයට නායකත්වය දෙන නිලධාරීන්ටද අයත් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරිය මේ අදහස් දැක්වුවේ, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා සීමිත පදනම මත බඳවාගත් නව නිලධාරීන්ට පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමින්.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මෙම උත්සවයේ දී නවක නිලධාරීන් 405 දෙනකුට පත්වීම් ලිපි ලබාදුන්නා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ,
“ඉතිහාසය වෙනස් කළ හැකි මොහොතකයි ඔබ මේ පත්වීම් ලබන්නේ. අප බලාපොරොත්තු වන පරිවර්තන යුගය ගොඩනගා ගැනීමේ සිහිනයේ විශාල කොටසක් අධ්‍යාපන ක්ෂේත්‍රය සතුයි. රටට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. නමුත් එය රැකියාවක් පමණක් නොව, ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අත්‍යවශ්‍ය මෙහෙයුමක් බව ඔබ සැම තේරුම් ගත යුතුයි,” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

Share This