රට පුරා පීසීආර් පරීක්ෂණ වැඩි කරයි

රට පුරා පීසීආර් පරීක්ෂණ වැඩි කරයි

නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේදැයි සොයා බැලීම සදහා රට පුරා පී.සී.ආර් පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගෙන තිබෙනවා

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්

එමෙන්ම ලොව පුරා රටවල් රැසක යළිත් ව්‍යාප්තව පවතින නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ

එමෙන්ම ආසියාවේ රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් තිබෙන බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා

Share This