
රට පුරා රාජ්‍ය විශ්ව විද්‍යාල ආශ්‍රිතව Technology Incubation Centre
දිවයින පුරා ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල ආශ්‍රිතව තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථාන (Technology Incubation Centre) ආරම්භ කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සූදානම් වෙනවා.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලය, නර්ඩ් ආයතනය, යාපනය විශ්ව විද්‍යාලය( කිලිනොච්චිය) සහ රජරට විශ්ව විද්‍යාලය (මිහින්තලේ) ආශ්‍රිතව Technology Incubation Centre 4 ක් පවත්වාගෙන යනු ලබනවා.
නවීන තාක්‍ෂණයෙන් යුත් කාර්මික උපකරණවලින් සමන්විත පහසුකමක් වන මෙම තාක්‍ෂණ බීජෞෂණ මධ්‍යස්ථාන, නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ අදහස් මූලාකෘති බවට පත් කිරීමට, CAD/CAM සහිත සැලසුම් පහසුකම්, නවීන CNC යන්ත්‍ර සහිත නිෂ්පාදන පහසුකම්, ව්‍යාපාර සැලසුම් සංවර්ධනය කිරීමට සහ බුද්ධිමය දේපල ගැටළු පිළිබඳ උපදේශනය සඳහා සහාය ලබා දීමටද අවකාශය සපයා දී තිබෙනවා.
මෙම මධ්‍යස්ථාන ජාලය පුළුල් කරමින් එක් රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ආශ්‍රිතව තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථානයක් බැගින් ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
එමගින් ලබාදෙන සේවාවන්ට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසයකයින් ශක්තිමත් කිරීම වෙනුවෙන්ද එකී මධ්‍යස්ථාන යොදා ගැනීමටත් අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නිවැරදි තාක්ෂණ දැනුම ලබාදීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බිහිකිරීම, දැනටමත් කර්මාන්තයන්හි නියැලී සිටින ව්‍යවසායකයන් නව තාක්ෂණ දැනුමෙන් සන්නද්ධව ඉහල තලයකට ඔසවා තැබීම, ගුණාත්මක අපනයන තත්වයේ නිෂ්පාදන බිහි කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදේශනයන් ලබා දීම ආදී සේවාවන් මෙම මධ්‍යස්ථාන හරහා සිදුකෙරෙනවා.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මේ වන විටත් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් විදාතා සම්පත් මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි.
මෙම විදාතා මධ්‍යස්ථාන ජාලයේ කාර්යභාරය ද තවත් පුළුල් කරමින් බීජෞෂණ මධ්‍යස්ථාන සමග සහයෝගීතාවෙන් සමීපව කටයුතු කිරීම සඳහා එකිනෙක සම්බන්ධ කිරීමටත් නියමිත බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිකුත්කල නිවේදනයක සදහන්.