රට බිත්තර කඩිනමින් බෙදා හැරීමට පියවර

රට බිත්තර කඩිනමින් බෙදා හැරීමට පියවර

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගය ගොඩබෑම සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා අදාළ බිත්තර නිකුත් කිරීම කඩිනමින් ආරම්භ කරන බවයි වෙළඳ අමාත්‍යංශය පැවසුවේ.

කෙසේ වෙතත් පසුගිය 23 වැනිදා බිත්තර තොගය රැගත් නෞකාව දිවයිනට පැමිණිය ද එම බිත්තර වෙළඳපොළට නිකුත් කිරීමට හැකියාවක් නොලැබුණේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා අවශ්‍යවන වාර්තා නිකුත් නොකිරීම හේතුවෙනුයි.

කෙසේ වෙතත් අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ අදාළ ආනයනික බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවූ බවයි.

Share This