රතුපස්වල සිද්ධියේ චූදිතයින් නිදොස් කොට නිදහස් (VIDEO)

රතුපස්වල සිද්ධියේ චූදිතයින් නිදොස් කොට නිදහස් (VIDEO)

පිරිසිදු පානීය ජලය ඉල්ලා 2013 වසරේදී වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළ නඩුවෙන් හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළා

ඒ, ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මිය ගියා.

එමෙන්ම, එහිදී පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලැබූවා

 

Share This