
රන්දෙණිගල මාර්ගයේ බස් රථ අනතුරකින් 12 ක් රෝහලට
රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර වලපනේ – කීර්තිබණ්ඩාරපුර ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් සමග මෙම අනතුර ඊයේ (29) රාත්‍රියේ සිදුව ඇතැයි සදහන්.
පොලීසිය පැවසුවේ බස් රථය මාර්ගයේ තිබු ගල් වැටියක ගැටී අනතුරට ලක්ව ඇති අතර, එහි සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා කැන්දකැටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.


