රන් බුදු පිළිම තුනක් අලෙවි කිරීමට ගිය තාත්තා සහ පුතා අත්අඩංගුවට (VIDEO)

රන් බුදු පිළිම තුනක් අලෙවි කිරීමට ගිය තාත්තා සහ පුතා අත්අඩංගුවට (VIDEO)

නිධානයකින් ගත් බව පවසමින් රුපියල් කෝටි එකහමාරකට රන් බුදු පිළිම තුනක් අලෙවි කිරීමට සැලසුම් කළ පියෙකු සහ පුතෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ උණු කිරීම සඳහා මේවා අලෙවි කිරීමට උත්සහ දරා ඇති බවයි.

දඹුල්ල පොලිස් විශේෂ කාර්යංශයට ලද බුද්ධි තොරතුරක් මත විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සුක්‍ෂම ලෙස ගැනුම්කරුවන් ලෙස වෙස්වලා ගෙන පැමිණ මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

Share This